Monday, November 11, 2019

වක්කඩ ලඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා wakkada laga diya

වක්කඩ ලඟ දිය වැටෙන තාලයට
තිත්ත පැටව් උඩ පැන නැටුවා
වැස්ස වහින්නට ඉස්සර අහසේ
වලාකුලෙන් විදුලිය කෙටුවා
කිව්වට වස් නැත නිල් නිල් පාටින්
කටරොළු මල් වැට වට කෙරුවා
තුන් දවසක් අමනාපෙන් සිටි කලු
නෝක්කාඩු බැල්මෙන් බැලුවා...

ගල මතුපිට මල පිපෙන්න
මල වට බඹරිඳූ නටන්න
වැහි වැහැලා ගඟ පිරෙන්න
ගඟ උතුරා හිත පිරෙන්න...

ගල මතුපිට මල පිපෙන්න
මල වට බඹරිඳූ නටන්න
වැහි වැහැලා ගඟ පිරෙන්න
ගඟ උතුරා හිත පිරෙන්න...

ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ
හිනාවෙයන් කලු හිනාවෙයන්
ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ
හිනාවෙයන් කලු හිනාවෙයන්

වෙලා මගේ හිත ඉනාවකින් තව
හිනාවෙයන් කලු හිනාවෙයන්...

වෙලා මගේ හිත ඉනාවකින් තව
හිනාවෙයන් කලු හිනාවෙයන්...


වක්කඩෙන් වතුර වැටෙන්නේ එක වේගයකට. ගොඩක් වෙලාවට ඒ වේගය එකාකරියි. මෙහෙම වතුර වැටෙන අතරේ එක පාරටම අහසේ අකුණක් ගහල පණිවිඩයක් දෙනවා වහින්නයි දැන් සූදානම කියල. ඒ කියන්නේ වක්කඩෙන් ලැබෙන වතුර වලට වැඩ බොහොම වැඩි වතුර කඳක්.

නිල් පාට කියන්නේ රතු පාටට විරුද්ධ පාට. දැන් රතු පාට නෑ. නිල් පාටින් වටේම පාට වෙනවා. නිල් පාටින් දැනෙන හැගීම් දැනෙන්න පටන් ගන්නවා. වක්කඩේ වතුරෙන් විතරක් දවස් තුනක් තිස්සේ සැනසුණු තිත්ත පැටියට ඔන්න දැන් දවස් තුනකට පස්සේ අයෙත් වැස්සේ මිහිර ලබන්න පුළුවන්.

තිත්ත පැටිය ප්‍රාර්ථනා කරනවා තව හයියෙන් වහින්න, වහල වහල ගඟ උතුරන්නම වහින්න කියල.

මේ වහින වැහි වගේ උඹත් සතුටු වෙයන්. මම දන්නවා උඹ වැස්ස මම තිත්ත පැටිය නැතුව හිටියේ ගොඩක් පාලුවෙන් කියල. මමත් එහෙමයි. කළුවර උඹ වරෙන් අපි දෙන්නම සතුටු වෙමු දවස් 3 කින් පස්සේ මේ හමුවීම.

මේ සින්දුවේ තියෙන්නේ විරුද්ධ අර්ථ ගැන්වීම්. වැකුණ වැස්ස කළුවර මේවා සාමන්යෙන් යොදන්නේ යමක් නැති වෙනවා කියන අර්ථයෙන්. එත් මේ සින්දුවේ ඒවා යොදල තියෙන්නේ ලෙබෙන දේවල් වලට.

අකුණ, පණිවිඩයක් විදියට
වැස්ස, හන්ගීම් ගලනය
කළුවර, අවස්තාව

No comments:

Post a Comment