Monday, November 11, 2019

ඈත කඳුකර හිමව් අරණේ aatha kandukara hima arane පණ්ඩිත් අමරදේව

ඈත කඳුකර හිමව් අරණේ – පසුබිම.

                                             ඈත කඳුකර හිමව් අරණේ ගීතය අප රටේ සිටී විශිෂ්ටතම ගේය පද රචකයෙක් වන මහගම සේකරයන් අතින් ලියැවූවක්. අචාර්ය පණ්ඩිත් අමරදේවයන් ගායනා කළ මෙම අපුර්ව ගීතය බොහෝ දෙනාගේ හදවත් තුළ සදා නොමැකෙන ස්ථානයක ලැගුම්ගනු ලැබුවා. මෙම ගීතයේ ඇති තවත් සුවිශේෂත්වයක් වන්නේ මෙය අප ගීත කලාවේ පළමු පුරුෂ වර්ණනාත්මක ගීතය වීමයි. අවාසනාවකට මෙන් අද කාලයේ නව පරපුරේ බොහෝ දෙනෙක් මෙම ගීතය අසාවත් නොමැති වන්නට පුලූවන්. මෙය නල-දමයන්ති මුද්‍රා නාට්‍යයේ එන ගීතයක්. නාට්‍ය නොබලපු කෙනෙක්ට වුණත් ගීතයේ සංගීතමය රසයත් සමඟ හොඳින් රස විඳින්නට පුළුවන්. ඒත් මෙහි ඇති සැබෑ රසය විඳගන්නට නම් මෙහි එන කථා වස්තුව ගැන අසා තිබීම ඉතා වැදගත්. මෙය ඉන්දීය සාහිත්‍යයේ ඇති මහා භාරතයේ එන ඉතා අලංකෘත පේ‍්‍රම කථාවක්. නල නම් රාජකුමාරයෙක් සහ දමයන්ති නම් රාජ කුමාරිකාවක් අතර සිදුවූ කථා පුවතක්. ගීතය රස නොවිඳි කෙනෙක් නම් ගීතය අසන්නට පෙර මේ කථාව කියවාම පහත ඇති ගීතය රස විඳින්නට ආරාධනා කරනවා. ගීතය අසා ඇතිමුත් කථාව නොදන්නා අයටද කථාව කියවා නැවත වරක් ගීතය රසවිඳින්නට කියා ආරාධනා කරනවා. එයින් ඔබට මෙතෙක් නොවිඳි වෙනස්ම රසයක් දැනේවි.

                                                        නල කුමරුන් ජීවත්වූයේ භාරතයේ නිශාදය නම් රාජධානියෙයි. ධර්මානුකූලව දිවිගෙවු ඔහු මනා තේජාන්විත, රනින් කළ පිළිරුවක් බඳු රූප සම්පත්තියක් ඇත්තෙකි. එමෙන්ම කතා බස් කරනා විට පවා ඇත්තේ මධුර හඬකි. රූසපුවෙන් හා ගතිපැවතුම්වලින්ද ඔහුට සමකළ හැකි කිසිවෙකුත් එකල භාරතය තුළ නොවීය. දිනක් නල කුමරුන් විවේකය පිණිස රාජකීය උයනේ සිරි නරඹන්නට යනවා. එහිදී ඔහු දකිනවා කිරි පැහැයෙන් බබලන හංස රෑනක් තම උයනට පමිණ සිටිනවා. කුමරුන් එකෙකු අල්ලාගන්නට සැරසෙත්ම අන් සියලූ හංසයින් ඉගිල ගොස් එකෙකු පමණක් නතරවනවා. එ් හංසයා කුමරුන් අතට ගත් විට හංසයා කුමරුන් සමග කතා කරනවා. තමා කුමරුන් දැක අතිශය සතුටු වූ බවත් දින කිහිපයක සිට කුමරුන් ගැන සෙවිල්ලෙන් සිටි වගත් හංසයා පවසනවා. කුමාරයා කාරණාව කුමකදැයි විමසූ විට හංසයා දමයන්ති කුමරිය ගැන සියලූ තොරතුරු පවසනවා. ඇය විධර්බා රාජ්‍යයේ රජුගේ දියණියයි. ඇය මනා රූසපුවකින් හා යහපත් ගති පැවතුම් ඇති කුමරිකාවක්. තමන් කෙදිනක හෝ එවැනි රූපසම්පත්තියක් ඇති යහපත් කුමාරිකාවක් දැක නොමැති බව කුමරුන් හා පවසනවා. එමෙන්ම ඇය දුටු දින ඇයට ගැලපෙන කිසිඳු කුමරෙකු භාරතය තුළ නම් නොවන වග තමා සිතාගත් බවත් හංසයා කුමාරයාට පවසනවා. නමුත් කුමාරයා දුටු දිනම ඔහු නම් ඇය වෙනුවෙන්ම උපන් අයෙකු බව තමාට සිතුණු බවත් ඔබ දෙපළ එකිනෙකා හා විවාහා වූයේ නම් මෙලොව වෙසෙන පේ‍්‍රමණීයම හා සුන්දරම යුවළ වනු ඇති බව හංසයා නල කුමරුන් හා පවසනවා. දමයන්ති කුමරිය ගැන මේ හංසයාගේ මේ වර්ණනාව අසා පැහැදුනු නල කුමරුන්ගේ හිතේ ඇය කෙරෙහි ප‍්‍රභල පේ‍්‍රමයක් ඇතිවෙනවා. කුමාරයා ඇය පිළිබඳ සිතමින් ලතැවෙනවා. ඇය ගැන තම හදේ ඇති වූ සෙනෙහස ගැන මේ හංසයා සමඟ පවසනවා. ඇයව බලාගන්නා අන්දම, ඇයට සලකන අන්දම, සහ දිවි හිමියෙන් ඇය සුරකිනා බව කුමාරයා ඇය නැති දුකින් හංසයා හා පවසනවා. ඇයට දැක ගන්නට, තම හදෙහි ඇය වෙනුවෙන් නැගෙන ආදරය කියාගන්නට නොහැකිව සිටිනා වග ඔහු හංසයාට පවසනවා.

 

                                                                                        හංසයා කුමාරයාගේ මේ බස් අසා සිත තදින් පෑරෙන්නට වුණා. හංසයා ඕනෑතරම් පෙම් කළ එක් වූ කාන්තාවන් හා පිරිමින් දැක ඇත. එහෙත් එ් ඕනෑම යුවලක කුමන හෝ නොගැලපීමක් තිබුණි. එය එසේ විනිද, නල කුමාරයත් දමයන්ති කුමාරිකාවත් එසේ නොවේ. සෑම අතින්ම දෙදෙනා ගැලපෙයි. ඔවුන් දෙදෙනා එක් නොවුනහොත් කිසිදෙනක ඔවුනට ගැලපෙන අයෙකු හා විවාහා වීමට දෙදෙනාගෙන් කවරෙකුට හෝ නොහැකි බැව් හංසයා දනි. ඉවසා ගත නොහැකිව හංසයා ඔබ මා අතහරින්නේ නම් මා දමයන්ති කුමරිය සොයා ඉගිල ගොස් ඔහුගේ පේ‍්‍රමය පිළිබඳ ඇයට පවසන බවට නල කුමරුන්ට පොරොන්දු වෙයි. පසුව හංසයා රෑ වනතුරාම විඩාව නොසලකා දමයන්ති කුමරියගේ මාලිගය සොයා පියඹා යනවා. පෙරදින කුමරුන් හමු වූ විලසින්ම හංසයා කුමරියගේ උයනට ගොස් රැගුම් පාමින් සිටිනවිට කුමරිය හංසයා දැක හංසයාව අල්ලා ගන්නවා. පසුව හංසයා තමන්ට යන්නට නිදහස ලබා දෙන්නේ නම් කුමරියට මහත් වූ ආදරයෙන් පසුවන මේ කුමාරයා ගැන කරුණු කියනා බවට ඇයට පොරොන්දු වනවා. ඇයට මෙලෙස ආලය කරන කුමරුන් කවුරුන්දැයි දැනගැනීමට ඇති ආශාව නිසා ඇය හංසයා අතහරිනවා. පසුව හංසයා තමා ඇය පිළිබඳ කියූදේ අසා නල කුමරුන්ගේ හදේ ඈ කෙරෙහි හටගත් පේ‍්‍රමයත් කියමින් කුමරුන්ගේ වරණනාවක් ඇයට ඉදිරිපත් කරනවා. එම කුමාරයාගේ ශෝබා සම්පන්න බවත් ඔහු හිත කුමරිය කෙරෙහි ඇති වූ පේ‍්‍රමයේ තරම හංසයා කියන විලසින් මහගම සේකරයන් ඈත කඳුකර හිමව් අරණේ ගීතය රචනා කර තිබෙනවා. එම ගීතය පහතින් රස විඳින්න.

  

ගායනය – අචාර්ය පණ්ඩිත් අමරදේව
පද රචනය – මහගම සේකර
සංගීතය – ආචාර්ය ලයනල් අල්ගම

අරාධනා aaradhana w d amaradewa

විතේ නමැති සංසාර ගමන තනියම යනවා,කිසිදු වෙනසක් නැතුව.තනිමංසල කියන්නෙ ඒකයි
තනිව ඉපද තනිව මැරෙන හුදකලාව තදින්ම දැනෙනවා.
එය සනහන්න අතීතයේදී ලබාදුන් නිර්වානය නමැති සතුට ලබාදෙන්න වඩින්න ආරාධනා

පවුරක ලීවා වගේ නොවේ
සියලු සංස්කාරයෝ නැසෙනසුලුයි.
කාලය නමැති වෙරලේ ලීවාසේ
සංසාරය නමැති ජීවිතේ හෙම්බත් වූ.අනාත වූදා
සෙනේහය සත් පියුමන් පිපෙන්න,බුදුන්ගේ උප්පත්තිය සත් පියුමෙහි ඇතිවෙන්නට ආරාධනා

එදා යුගදිවියේදී කිරි සුවද වූ රාහුලයන් අතැර කිදුරු මාලිගා අතැර ගිහිගෙයින් නික්ම
ඔබේ නුවන් පහන් වී යලි මුලු ලොවට එලිය ලැබෙන්නට අරාධනා

බුදු හාමුදුරුවන්ට නැවත ආරාධනා අපි සසරින් මුදවන්නට

වක්කඩ ලඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා wakkada laga diya

වක්කඩ ලඟ දිය වැටෙන තාලයට
තිත්ත පැටව් උඩ පැන නැටුවා
වැස්ස වහින්නට ඉස්සර අහසේ
වලාකුලෙන් විදුලිය කෙටුවා
කිව්වට වස් නැත නිල් නිල් පාටින්
කටරොළු මල් වැට වට කෙරුවා
තුන් දවසක් අමනාපෙන් සිටි කලු
නෝක්කාඩු බැල්මෙන් බැලුවා...

ගල මතුපිට මල පිපෙන්න
මල වට බඹරිඳූ නටන්න
වැහි වැහැලා ගඟ පිරෙන්න
ගඟ උතුරා හිත පිරෙන්න...

ගල මතුපිට මල පිපෙන්න
මල වට බඹරිඳූ නටන්න
වැහි වැහැලා ගඟ පිරෙන්න
ගඟ උතුරා හිත පිරෙන්න...

ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ
හිනාවෙයන් කලු හිනාවෙයන්
ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ
හිනාවෙයන් කලු හිනාවෙයන්

වෙලා මගේ හිත ඉනාවකින් තව
හිනාවෙයන් කලු හිනාවෙයන්...

වෙලා මගේ හිත ඉනාවකින් තව
හිනාවෙයන් කලු හිනාවෙයන්...


වක්කඩෙන් වතුර වැටෙන්නේ එක වේගයකට. ගොඩක් වෙලාවට ඒ වේගය එකාකරියි. මෙහෙම වතුර වැටෙන අතරේ එක පාරටම අහසේ අකුණක් ගහල පණිවිඩයක් දෙනවා වහින්නයි දැන් සූදානම කියල. ඒ කියන්නේ වක්කඩෙන් ලැබෙන වතුර වලට වැඩ බොහොම වැඩි වතුර කඳක්.

නිල් පාට කියන්නේ රතු පාටට විරුද්ධ පාට. දැන් රතු පාට නෑ. නිල් පාටින් වටේම පාට වෙනවා. නිල් පාටින් දැනෙන හැගීම් දැනෙන්න පටන් ගන්නවා. වක්කඩේ වතුරෙන් විතරක් දවස් තුනක් තිස්සේ සැනසුණු තිත්ත පැටියට ඔන්න දැන් දවස් තුනකට පස්සේ අයෙත් වැස්සේ මිහිර ලබන්න පුළුවන්.

තිත්ත පැටිය ප්‍රාර්ථනා කරනවා තව හයියෙන් වහින්න, වහල වහල ගඟ උතුරන්නම වහින්න කියල.

මේ වහින වැහි වගේ උඹත් සතුටු වෙයන්. මම දන්නවා උඹ වැස්ස මම තිත්ත පැටිය නැතුව හිටියේ ගොඩක් පාලුවෙන් කියල. මමත් එහෙමයි. කළුවර උඹ වරෙන් අපි දෙන්නම සතුටු වෙමු දවස් 3 කින් පස්සේ මේ හමුවීම.

මේ සින්දුවේ තියෙන්නේ විරුද්ධ අර්ථ ගැන්වීම්. වැකුණ වැස්ස කළුවර මේවා සාමන්යෙන් යොදන්නේ යමක් නැති වෙනවා කියන අර්ථයෙන්. එත් මේ සින්දුවේ ඒවා යොදල තියෙන්නේ ලෙබෙන දේවල් වලට.

අකුණ, පණිවිඩයක් විදියට
වැස්ස, හන්ගීම් ගලනය
කළුවර, අවස්තාව

බලා වැළපෙමි නෙළාගනු බැරි හන්තාන සිහිනේ…. bala walapemi nelaganu bari hanthana sihine

බලා වැළපෙමි නෙළාගනු බැරි
හන්තාන සිහිනේ….
දරා නෙත් අග දොවා සිත් මල්
ගොතනු මැන ළඳුනේ….
සංසාර සිහිනේ…

වැහි පබළු යට රඟමඬල මැද
ඔබේ දෑතේ තුරුලු වන්නට
බිසෝ හැර ගිය ළසෝ රඟහල
අමාවක අඳුරේ…..
නොයනු මැන ළඳුනේ…

වඩින තුරු සඳ දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්
සොඳුරු ඒ සද දියේ එන්නම්
ඉඳිනු මැන සොඳුරේ
හන්තාන අරණේ…

ගායනය – පණ්‌ඩිත් අමරදේව සහ උමාරියා
පද රචනය – ජානක සිරිවර්ධන
සංගීතය – අරුණ ගුණවර්ධන

සරසවිය……, බොහෝ දෙනෙක්ට හරි අපූරු ජීවන මංසලක්. ඒ වගේම ජීවන මඟ වෙනස් කරන ක්ශේම භූමියක්. ඇතමෙකුට පෙම්වතුන් වන්නට එවන් සුව අරනක් මිහි මත තවත් නොවිය හැකියි. එසේම විරහවටද එය උරුමකම් කියනු නොඅනුමානයි. මදකට ඔබේ මතකයට නඟා ගන්න පේරාදෙනිය සරසවිය. හන්තාන කඳු වැටියට මායිම් වූ මනස්කාන්ත පරිසරයක පිහිටි එය නිසැකවම අතිශය සුන්දර රූ පෙලක් ඔබ මනසේ මවනු ඇති. සුන්දර අසුන්දර කොතෙකුත් දේ නම් මේ භූමිය තුල සැඟව තිබෙනවා ඇතිද?

මේ කියන්නට යන ගීතයේ වස්තු බීජයද මෙයයි.

ඇය සොඳුරු රූමත් යෞවනියකි, තම උසස් අද්‍යාපනය වෙනුවෙන් ඈ සරසවිය වෙත පියමන් කරයි. විවිධ වූ මානවකයන් සරන මේ සරසවි බිම තුල ඇගේ වීරයා වන්නේ ඇයට උගන්වන ගුරුවරයායි. ඔහුගේ උගන්වන විලාශය, හැසිරීම, භාශා විලාශය, පෙනුම යනාදී සියල්ල තුල ඔහු කෙරෙහි ආදර සිතක් ඇගේ හද තුල මෝරා වැඩෙන්නට වෙයි. ඒ වන විට එකී ගුරුවරයාද මැදිවියට එලඹ තම දෙදරා ගිය විවාහය පිලිබඳව සිත් තැවුලෙන් පසු වන අයෙකු වෙයි. ඇය ඹහුගේ සෙනෙහස පතා සිටී. එහෙත් ගුරුවරයාට එය කල හැක්කක්ද?

බලා වැලපෙමි
නෙලාගනු බැරි
හන්තාන සිහිනේ
ඇය ඔහුට කොන්දේසි විරහිතව අසීමිතව පෙම් කරයි. නමුත් ඔහු තවමත් පසුතැවෙන්නේ ඔහුගේ වෙන්ව ගිය බිරිඳ ගැනයි. ඉතින් ඇයට උරුම වන්නේ සරසවිය තුල ඇයට නෙලාගන්නට බැරි වුනු මේ හන්තාන සිහිනය දෙස බලා වැලපීම පමණයි.

දොවා සිත් මල
ගොතනු මැන ළදුනේ
සංසාර සිහිනේ
ගුරුවරයා ඇයට පෙම් නොකරයි. නමුත් ඔහු තුල ඇය කෙරෙහි විශාල අනුකම්පාවක් ගොඩනැඟෙයි. ඹහු ඇයට කියනාවා තමන් කෙරෙහි තියන ඇල්ම සිතින් දෝවනය කර දාමා වෙනත් සංසාර සිහිනයක් වෙනුවෙන් නෙතු දරා සිටින්න කියා. එමෙන්ම ඒ ප්‍රේමවන්තයා සමඟ සන්සාර සිහිනය ගොතන්නට යැයි ඔහු ඇයට ආරාධනය කරයි.

වැහි පබළු යට
රගමඩල මැද
ඔබේ දෑතෙහි තුරුළු වෙන්නට
එහෙත් ඇය ඇගේ සිතේ බලාපොරොත්තු සිහින පහන් නිවා දමන්නට සූදානම් නැත. ඇය ඔහුගේ තුරුලේ රැඳෙන්නට සිහින මවයි.

බිසෝ හැර ගිය
ලසෝ රග හළ
අමාවක අදුරේ…
නොඑනු මැන ළදුනේ.
තමන් අතීතයේ ලයට තුරුළු කරගෙන පෙම්කල බිසව, තමන්ව හැර දමා ගිය පසු අමාවක අඳුරින් වෙලී ගිය තමන්ගේ ලසෝ රඟ මඩලට නොඑන්න යැයි ඔහු නැවතත් ඇයගෙන් ඉල්ලා සිටිනවා. (ඇත්තෙන්ම ඔහුගේ බිසෝ යන යෙදුම තුල අතීත බිරිඳට තවමත් හදවතේ වන ප්‍රේමය නිරූපනය වනවා යැයි මට හැඟෙයි.)

වඩින තුරු සද
දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්
නැවත ඇය කියනවා, අමාවක අඳුරින් කළුවර වූ ඔබේ හද මඬල නැවත එලිය වන තුරු දුරින් හිඳ කෙතරම් කාලයක් වුවත් බලා හිඳිනවා. එතෙක් ගෝලයෙකු ලෙසින් ඔබේ සෙවනේ රැඳී ඒ මියුරු වදන් අසා සිටින්නම් කියා. (ඇත්තෙන්ම මෙහි “තරු ඇදුරු පෙම් ගී අහන්නම්“ අසන්නම් යන්නෙන් මෙම ගුරුවරයා සිංහල සාහිත්‍ය පිලිබඳ ගුරුවරයෙක් යැයි ගම්‍ය වනවා යැයි මට සිතෙයි)

සොදුරු ඒ සද දියේ එන්නම්
ඉදිනු මැන සොදුරේ
හන්තාන අරණේ
ගීතයේ අවසානයේ ඔහු ඇයට යම් බලාපොරොත්තුවක් එක් කරයි. අමාවක අඳුරින් කළුවර වූ තම හද මඞලට සඳ එලිය ලැබෙන දිනක මම නුඹ ලඟට එන්නම්. එතෙක් නුඹ අද්‍යාපන කටයුතු සාර්ථක කරගෙන මේ හන්තාන අරනේ හිඳුනු මැනවි.

ජානක සිරිවර්ධනයන් විසින් රචනා කරන ලද මෙම මියුරු ගීතයේ සංගීතය අරුණ ගුණවර්ධනයන් ගෙනි. ගායනය විශාරද පණ්‌ඩිත් අමරදේවයන් සහ නව පරපුරේ මිහිරි හඬකට හිමි කම් කියන උමාරියා සිංහවංශ ගෙනි.