Sinhala Songs Real Meaning
click and win
Monday, November 11, 2019
අරාධනා aaradhana w d amaradewa
විතේ නමැති සංසාර ගමන තනියම යනවා,කිසිදු වෙනසක් නැතුව.තනිමංසල කියන්නෙ ඒකයි
තනිව ඉපද තනිව මැරෙන හුදකලාව තදින්ම දැනෙනවා.
එය සනහන්න අතීතයේදී ලබාදුන් නිර්වානය නමැති සතුට ලබාදෙන්න වඩින්න ආරාධනා
පවුරක ලීවා වගේ නොවේ
සියලු සංස්කාරයෝ නැසෙනසුලුයි.
කාලය නමැති වෙරලේ ලීවාසේ
සංසාරය නමැති ජීවිතේ හෙම්බත් වූ.අනාත වූදා
සෙනේහය සත් පියුමන් පිපෙන්න,බුදුන්ගේ උප්පත්තිය සත් පියුමෙහි ඇතිවෙන්නට ආරාධනා
එදා යුගදිවියේදී කිරි සුවද වූ රාහුලයන් අතැර කිදුරු මාලිගා අතැර ගිහිගෙයින් නික්ම
ඔබේ නුවන් පහන් වී යලි මුලු ලොවට එලිය ලැබෙන්නට අරාධනා
බුදු හාමුදුරුවන්ට නැවත ආරාධනා අපි සසරින් මුදවන්නට

වක්කඩ ලඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා wakkada laga diya
වක්කඩ ලඟ දිය වැටෙන තාලයට
තිත්ත පැටව් උඩ පැන නැටුවා
වැස්ස වහින්නට ඉස්සර අහසේ
වලාකුලෙන් විදුලිය කෙටුවා
කිව්වට වස් නැත නිල් නිල් පාටින්
කටරොළු මල් වැට වට කෙරුවා
තුන් දවසක් අමනාපෙන් සිටි කලු
නෝක්කාඩු බැල්මෙන් බැලුවා...
ගල මතුපිට මල පිපෙන්න
මල වට බඹරිඳූ නටන්න
වැහි වැහැලා ගඟ පිරෙන්න
ගඟ උතුරා හිත පිරෙන්න...
ගල මතුපිට මල පිපෙන්න
මල වට බඹරිඳූ නටන්න
වැහි වැහැලා ගඟ පිරෙන්න
ගඟ උතුරා හිත පිරෙන්න...
ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ
හිනාවෙයන් කලු හිනාවෙයන්
ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ
හිනාවෙයන් කලු හිනාවෙයන්
වෙලා මගේ හිත ඉනාවකින් තව
හිනාවෙයන් කලු හිනාවෙයන්...
වෙලා මගේ හිත ඉනාවකින් තව
හිනාවෙයන් කලු හිනාවෙයන්...
වක්කඩෙන් වතුර වැටෙන්නේ එක වේගයකට. ගොඩක් වෙලාවට ඒ වේගය එකාකරියි. මෙහෙම වතුර වැටෙන අතරේ එක පාරටම අහසේ අකුණක් ගහල පණිවිඩයක් දෙනවා වහින්නයි දැන් සූදානම කියල. ඒ කියන්නේ වක්කඩෙන් ලැබෙන වතුර වලට වැඩ බොහොම වැඩි වතුර කඳක්.
නිල් පාට කියන්නේ රතු පාටට විරුද්ධ පාට. දැන් රතු පාට නෑ. නිල් පාටින් වටේම පාට වෙනවා. නිල් පාටින් දැනෙන හැගීම් දැනෙන්න පටන් ගන්නවා. වක්කඩේ වතුරෙන් විතරක් දවස් තුනක් තිස්සේ සැනසුණු තිත්ත පැටියට ඔන්න දැන් දවස් තුනකට පස්සේ අයෙත් වැස්සේ මිහිර ලබන්න පුළුවන්.
තිත්ත පැටිය ප්‍රාර්ථනා කරනවා තව හයියෙන් වහින්න, වහල වහල ගඟ උතුරන්නම වහින්න කියල.
මේ වහින වැහි වගේ උඹත් සතුටු වෙයන්. මම දන්නවා උඹ වැස්ස මම තිත්ත පැටිය නැතුව හිටියේ ගොඩක් පාලුවෙන් කියල. මමත් එහෙමයි. කළුවර උඹ වරෙන් අපි දෙන්නම සතුටු වෙමු දවස් 3 කින් පස්සේ මේ හමුවීම.
මේ සින්දුවේ තියෙන්නේ විරුද්ධ අර්ථ ගැන්වීම්. වැකුණ වැස්ස කළුවර මේවා සාමන්යෙන් යොදන්නේ යමක් නැති වෙනවා කියන අර්ථයෙන්. එත් මේ සින්දුවේ ඒවා යොදල තියෙන්නේ ලෙබෙන දේවල් වලට.
අකුණ, පණිවිඩයක් විදියට
වැස්ස, හන්ගීම් ගලනය
කළුවර, අවස්තාව

බලා වැළපෙමි නෙළාගනු බැරි හන්තාන සිහිනේ…. bala walapemi nelaganu bari hanthana sihine
බලා වැළපෙමි නෙළාගනු බැරි
හන්තාන සිහිනේ….
දරා නෙත් අග දොවා සිත් මල්
ගොතනු මැන ළඳුනේ….
සංසාර සිහිනේ…
වැහි පබළු යට රඟමඬල මැද
ඔබේ දෑතේ තුරුලු වන්නට
බිසෝ හැර ගිය ළසෝ රඟහල
අමාවක අඳුරේ…..
නොයනු මැන ළඳුනේ…
වඩින තුරු සඳ දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්
සොඳුරු ඒ සද දියේ එන්නම්
ඉඳිනු මැන සොඳුරේ
හන්තාන අරණේ…
ගායනය – පණ්ඩිත් අමරදේව සහ උමාරියා
පද රචනය – ජානක සිරිවර්ධන
සංගීතය – අරුණ ගුණවර්ධන
සරසවිය……, බොහෝ දෙනෙක්ට හරි අපූරු ජීවන මංසලක්. ඒ වගේම ජීවන මඟ වෙනස් කරන ක්ශේම භූමියක්. ඇතමෙකුට පෙම්වතුන් වන්නට එවන් සුව අරනක් මිහි මත තවත් නොවිය හැකියි. එසේම විරහවටද එය උරුමකම් කියනු නොඅනුමානයි. මදකට ඔබේ මතකයට නඟා ගන්න පේරාදෙනිය සරසවිය. හන්තාන කඳු වැටියට මායිම් වූ මනස්කාන්ත පරිසරයක පිහිටි එය නිසැකවම අතිශය සුන්දර රූ පෙලක් ඔබ මනසේ මවනු ඇති. සුන්දර අසුන්දර කොතෙකුත් දේ නම් මේ භූමිය තුල සැඟව තිබෙනවා ඇතිද?
මේ කියන්නට යන ගීතයේ වස්තු බීජයද මෙයයි.
ඇය සොඳුරු රූමත් යෞවනියකි, තම උසස් අද්යාපනය වෙනුවෙන් ඈ සරසවිය වෙත පියමන් කරයි. විවිධ වූ මානවකයන් සරන මේ සරසවි බිම තුල ඇගේ වීරයා වන්නේ ඇයට උගන්වන ගුරුවරයායි. ඔහුගේ උගන්වන විලාශය, හැසිරීම, භාශා විලාශය, පෙනුම යනාදී සියල්ල තුල ඔහු කෙරෙහි ආදර සිතක් ඇගේ හද තුල මෝරා වැඩෙන්නට වෙයි. ඒ වන විට එකී ගුරුවරයාද මැදිවියට එලඹ තම දෙදරා ගිය විවාහය පිලිබඳව සිත් තැවුලෙන් පසු වන අයෙකු වෙයි. ඇය ඹහුගේ සෙනෙහස පතා සිටී. එහෙත් ගුරුවරයාට එය කල හැක්කක්ද?
බලා වැලපෙමි
නෙලාගනු බැරි
හන්තාන සිහිනේ
ඇය ඔහුට කොන්දේසි විරහිතව අසීමිතව පෙම් කරයි. නමුත් ඔහු තවමත් පසුතැවෙන්නේ ඔහුගේ වෙන්ව ගිය බිරිඳ ගැනයි. ඉතින් ඇයට උරුම වන්නේ සරසවිය තුල ඇයට නෙලාගන්නට බැරි වුනු මේ හන්තාන සිහිනය දෙස බලා වැලපීම පමණයි.
දොවා සිත් මල
ගොතනු මැන ළදුනේ
සංසාර සිහිනේ
ගුරුවරයා ඇයට පෙම් නොකරයි. නමුත් ඔහු තුල ඇය කෙරෙහි විශාල අනුකම්පාවක් ගොඩනැඟෙයි. ඹහු ඇයට කියනාවා තමන් කෙරෙහි තියන ඇල්ම සිතින් දෝවනය කර දාමා වෙනත් සංසාර සිහිනයක් වෙනුවෙන් නෙතු දරා සිටින්න කියා. එමෙන්ම ඒ ප්‍රේමවන්තයා සමඟ සන්සාර සිහිනය ගොතන්නට යැයි ඔහු ඇයට ආරාධනය කරයි.
වැහි පබළු යට
රගමඩල මැද
ඔබේ දෑතෙහි තුරුළු වෙන්නට
එහෙත් ඇය ඇගේ සිතේ බලාපොරොත්තු සිහින පහන් නිවා දමන්නට සූදානම් නැත. ඇය ඔහුගේ තුරුලේ රැඳෙන්නට සිහින මවයි.
බිසෝ හැර ගිය
ලසෝ රග හළ
අමාවක අදුරේ…
නොඑනු මැන ළදුනේ.
තමන් අතීතයේ ලයට තුරුළු කරගෙන පෙම්කල බිසව, තමන්ව හැර දමා ගිය පසු අමාවක අඳුරින් වෙලී ගිය තමන්ගේ ලසෝ රඟ මඩලට නොඑන්න යැයි ඔහු නැවතත් ඇයගෙන් ඉල්ලා සිටිනවා. (ඇත්තෙන්ම ඔහුගේ බිසෝ යන යෙදුම තුල අතීත බිරිඳට තවමත් හදවතේ වන ප්‍රේමය නිරූපනය වනවා යැයි මට හැඟෙයි.)
වඩින තුරු සද
දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්
නැවත ඇය කියනවා, අමාවක අඳුරින් කළුවර වූ ඔබේ හද මඬල නැවත එලිය වන තුරු දුරින් හිඳ කෙතරම් කාලයක් වුවත් බලා හිඳිනවා. එතෙක් ගෝලයෙකු ලෙසින් ඔබේ සෙවනේ රැඳී ඒ මියුරු වදන් අසා සිටින්නම් කියා. (ඇත්තෙන්ම මෙහි “තරු ඇදුරු පෙම් ගී අහන්නම්“ අසන්නම් යන්නෙන් මෙම ගුරුවරයා සිංහල සාහිත්‍ය පිලිබඳ ගුරුවරයෙක් යැයි ගම්‍ය වනවා යැයි මට සිතෙයි)
සොදුරු ඒ සද දියේ එන්නම්
ඉදිනු මැන සොදුරේ
හන්තාන අරණේ
ගීතයේ අවසානයේ ඔහු ඇයට යම් බලාපොරොත්තුවක් එක් කරයි. අමාවක අඳුරින් කළුවර වූ තම හද මඞලට සඳ එලිය ලැබෙන දිනක මම නුඹ ලඟට එන්නම්. එතෙක් නුඹ අද්යාපන කටයුතු සාර්ථක කරගෙන මේ හන්තාන අරනේ හිඳුනු මැනවි.
ජානක සිරිවර්ධනයන් විසින් රචනා කරන ලද මෙම මියුරු ගීතයේ සංගීතය අරුණ ගුණවර්ධනයන් ගෙනි. ගායනය විශාරද පණ්ඩිත් අමරදේවයන් සහ නව පරපුරේ මිහිරි හඬකට හිමි කම් කියන උමාරියා සිංහවංශ ගෙනි.

Subscribe to:
Posts (Atom)